සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ නවතම දත්ත අනුව දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 42ක් හඳුනාගෙන ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වේ. දිස්ත්‍රික්ක අනුව රෝගීන් වාර්තා වීම සලකා බැලීමේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,930ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,465ක් ද සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,572ක් ද ලෙස වාර්තා වී ඇත.
වැසි වැසීමත් සමඟ ජලය රැඳෙන ස්ථාන ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින්, තම අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට උපරිම දායකත්වය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී. රෝග ලක්ෂණ පවතී නම් ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ.














