පාරිභෝගික අත්දැකීම්, භාවිතයේ පහසුව සහ පාරිභෝගික සමාලෝචන යන සාධක පදනම් කරගනිමින් ව්‍යාපාරික මෘදුකාංග ක්ෂේත්‍රයේ ගෝලීය ඇගයීමක් වන Gartner® Peer Insights™ හි “පාරිභෝගික තේරීම” ලෙස අඛණ්ඩව දෙවන වරටත් සම්මාන දිනාගැනීමට Huawei සමාගම සමත්ව ඇත. එහිදී විශේෂයෙන්ම Huawei OceanProtect විසඳුම මූල්‍ය, නිෂ්පාදන සහ බලශක්ති වැනි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පරිශීලකයින්ගේ ඉහළ ඇගයීමට ලක්වෙමින් 5න් 4.9ක සමස්ත ලකුණු මට්ටමක් වාර්තා කර තිබේ. Huawei Data Protection Domain හි සභාපති Song Ke මහතා සඳහන් කළේ මෙම ජයග්‍රහණය තම නිෂ්පාදනවල නව්‍යකරණය සහ පාරිභෝගික සේවා විශිෂ්ටත්වය පිළිබඳව ලොව පුරා පරිශීලකයින් තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු කරන බවයි. ඉදිරියටත් වඩාත් වේගවත් සහ ශක්තිමත් දත්ත ආරක්ෂණ (Data Protection) විසඳුම් ලබාදීමට කැපවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














