විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද සිට මැයි 15 වනදා දක්වා බෙලරූස් ජන රජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සංචාරයේදී ගුවන් සේවා, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සුවිශේෂී ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සහ බෙලරූස් රජය අතර ගුවන් සේවා ගිවිසුමකට මෙන්ම උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම් දෙකකට ද මෙහිදී අත්සන් තැබෙනු ඇත. මෙම නව සබඳතා ඔස්සේ දෙරටේම ආර්ථික සහ සමාජීය ක්ෂේත්‍රවල නව පිම්මක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














