හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අදහස් දක්වා තිබේ. ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාව මෙලෙස කැඳවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) “නියඟයට වැස්සක් වැටුණාක් වැනි” වාසිදායක තත්ත්වයක් වී ඇති බවයි.
එයාබස් (Airbus) ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පමණක් රජයේ මූලික බලාපොරොත්තුව වූ බවත්, මහින්ද රාජපක්ෂ මහතාව මෙම ආකාරයෙන් අල්ලස් කොමිසම හමුවට ගෙන එනු ඇතැයි විරුද්ධ පාර්ශවයන් බලාපොරොත්තු නොවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.














