ගම්පහ පොලිස් වසමට අයත් වැලිකඩ අතුරු ඇල මාර්ගය ප්‍රදේශයේදී 2026 මැයි මස 12 වන දින උදෑසන සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1080ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ. බෑරල් 06ක අසුරා තිබූ මෙම ගෝඩා තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු තෝනහේන ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර ගම්පහ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

















