ඉරානය සමඟ පවතින යුද්ධය සඳහා අමෙරිකානු රජය මේ වන විට ඩොලර් බිලියන 29 ක (යුරෝ බිලියන 24.7) මුදලක් වැය කර ඇති බව පෙන්ටගනය නිවේදනය කරයි. මෙය මීට සති දෙකකට පෙර ලබා දුන් ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 4 ක ඉහළ යාමකි.
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) පසුගිය අඟහරුවාදා කොන්ග්‍රස් මණ්ඩලය හමුවේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් විය. යුද්ධය සඳහා වැය වන අධික පිරිවැය, අමෙරිකානු අවි ගබඩා සීඝ්‍රයෙන් ක්ෂය වීම සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසන් සැලසුම (End game) කුමක්ද යන්න පිළිබඳව ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් මෙහිදී කරුණු විමසා ඇත.
වැය කළ මුදලින් විශාල ප්‍රමාණයක් අවි ආයුධ ප්‍රතිස්ථාපනය කිරීමට සහ උපකරණ අලුත්වැඩියා කිරීමට යොදවා ඇති බව පෙන්ටගනය පවසයි. කෙසේ වෙතත්, කලාපය තුළ හානියට පත් වූ අමෙරිකානු යුද කඳවුරු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැය වන පිරිවැය මෙම ඇස්තමේන්තුවට ඇතුළත් කර නොමැති බව පෙන්ටගන පාලක ජේ හර්ස්ට් (Jay Hurst) සඳහන් කළේය. ආරක්ෂක ලේකම්වරයා මීට පෙර පැවති සැසිවාරවලට වඩා මෘදු ස්වරූපයක් මෙවර පෙන්නුම් කළද, ඔහුගේම රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයින්ගෙන් පවා මෙවර දැඩි විරෝධයක් එල්ල වීම විශේෂත්වයකි.















