ඉඩමක තක්සේරු වටිනාකම අඩු කර පෙන්වා රජයට ගෙවිය යුතු මුද්දර ගාස්තු අවම කර දීමට පොරොන්දු වී රුපියල් 35,000ක අල්ලස් මුදලක් ලබාගත් පොළොන්නරුව පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ සනීපාරක්ෂක කම්කරුවෙකු අද (2026 මැයි 13) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති බව වාර්තා වේ. සැකකාර සේවකයා අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදීම මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.














