අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ වෛද්‍ය හිමිකම් (Medical Claims) කණ්ඩායම විසින් ප්‍රදර්ශනය කරන ලද විශිෂ්ට කළමනාකරණ පිළිවෙත් සහ මෙහෙයුම් කාර්ය සාධනය අගයමින් 2026 CPM හොඳම කළමනාකරණ පිළිවෙත් සමාගම් සම්මාන උළෙලේදී (BMPC Awards) විශේෂ ඇගයීමකට ලක්ව තිබේ. එහිදී මෙරට කැපී පෙනෙන විශිෂ්ටතම සමාගම් 40 අතරට ශ්‍රේණිගත වීමට එම සමාගම සමත්ව ඇති අතර, සාමාන්‍ය රක්ෂණ (පෞද්ගලික අංශය) කාණ්ඩයේ ක්ෂේත්‍ර ජයග්‍රාහකයා ලෙසද අභිෂේක ලබා ඇත.
ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කරමින් හිමිකම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට ගත් අඛණ්ඩ උත්සාහය මෙම ජයග්‍රහණයට මූලික වී තිබේ. මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් සාමාන්‍ය රක්ෂණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී සිවා කාර්තිගන් මහතා සඳහන් කළේ, තම වෛද්‍ය හිමිකම් කණ්ඩායම පාරිභෝගිකයින් වෙත විනිවිදභාවයකින් යුත් විශ්වසනීය සේවාවක් සැපයීමට දක්වන කැපවීම මෙම සම්මානය හරහා මනාව තහවුරු වන බවයි. මෙවැනි ඇගයීමක් හිමිවීම හරහා අමානා තකාෆුල් සමාගම සිය සේවා සැපයීමේ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමට කැපවී සිටින බව නැවත වරක් සනාථ වේ.














