ලෝක ඇදුම රෝග දිනය අදට (13) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පවත්වා ඇත. ඇදුම සඳහා වන ගෝලීය මුලපිරීම (GINA) මගින් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම දිනය සෑම වසරකම මැයි මාසයේ පළමු අඟහරුවාදා සමරනු ලැබුවද, මෙවර ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
ඇදුම රෝගය පිළිබඳව ගෝලීය වශයෙන් ජනතාව දැනුවත් කිරීම සහ රෝගී සත්කාරක සේවා මෙන්ම කළමනාකරණය ඉහළ නැංවීම මෙම දිනයේ ප්‍රධාන අරමුණ වේ. ලොව පුරා මිලියන 260 කට අධික ජනතාවක් මේ වන විට ඇදුම රෝගයෙන් පෙළෙන බව වාර්තා වේ. මෙම රෝගය නිසි ලෙස පාලනය නොකිරීමෙන් ජීවිතයට මරණය පවා ළඟා කරවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම අතිශය වැදගත් වේ.














