ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිදුවීමෙන් පසු, එවැනි මූල්‍ය වංචා නැවත සිදු නොවීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශය ඉතා සමීපව කටයුතු කරමින් සිටින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේය.














