මෙරට පළාත් පාලන ආයතන 130ක මහජනතාව සිදු කරන ගෙවීම් කටයුතු ඩිජිටල්කරණය කර අවසන් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කරමින් ව්‍යුහාත්මක බාධක ඉවත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර එමඟින් ජනතාවට සිය එදිනෙදා ගෙවීම් කටයුතු වඩාත් පහසුවෙන් සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කර ගැනීමට අවස්ථාව උදා වේ. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන සංකල්පයට සමගාමීව ක්‍රියාත්මක වන මෙම ඩිජිටල්කරණ වැඩසටහන මඟින් සේවා සැපයුම් ව්‍යුහය නවීකරණය කිරීම සහ ඩිජිටල් මෙවලම් හඳුන්වාදීම තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.














