ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩා වැටුණු පෞද්ගලික ගුවන් යානයක සිටි මගීන් 11 දෙනාම නිරුපද්‍රිතව මුදා ගැනීමට අමෙරිකානු ගුවන් හමුදා සහ වෙරළාරක්ෂක බලකාය සමත්ව තිබේ. මෙම සංකීර්ණ මුදාගැනීමේ මෙහෙයුම සඳහා පැය 5කට වැඩි කාලයක් ගත වී ඇති බව වාර්තා වේ.
මුදාගැනීමේ මෙහෙයුමට එක්වූ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයේ ඉන්ධන අවසන් වීමට විනාඩි 5ක් වැනි අතිශය කෙටි කාලයක් ඉතිරිව තිබියදී මෙම පිරිස බේරාගැනීමට හැකි වී ඇත. ගුවන් යානය මුහුදට කඩා වැටීමෙන් පසු මගීන් සියලු දෙනා කිසිදු හානියකින් තොරව මෙලෙස බේරාගැනීමට හැකි වීම හාස්කමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.














