• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මදුරුවන්ගෙන් බෝවන රෝග අවදානම ඉහළට බරවා සහ ඩෙංගු පිළිබඳ සෞඛ්‍ය අංශවලින් විශේෂ නිවේදනයක්

15 May 2026
in දේශීය, පුවත්
මදුරුවන්ගෙන් බෝවන රෝග  අවදානම ඉහළට බරවා සහ ඩෙංගු පිළිබඳ  සෞඛ්‍ය අංශවලින් විශේෂ නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු, මැලේරියාව සහ බරවා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 27,754ක් වාර්තා වී ඇති බවත්, ඉන් මරණ 14ක් සිදුව ඇති බවත්ය. වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් සියයට 50ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර යන දිස්ත්‍රික්කවල රෝග ව්‍යාප්තිය ඉහළ අගයක පවතී.
විශේෂයෙන්ම නිවෙස්වලට වඩා පාසල්, ආගමික ස්ථාන, වැඩබිම් සහ කාර්යාල පරිශ්‍රවල මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ. තද උණ, ඇඟපත වේදනාව, හිසරදය, වමනය සහ සමේ රතු ලප වැනි රෝග ලක්ෂණ මතු වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. 2016 වසරේදී ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කර තිබුණද, රෝගය මෙරටින් සම්පූර්ණයෙන් තුරන් වී නොමැති බවත් ආවේක්ෂණ කටයුතු හරහා තවමත් අවම වශයෙන් රෝගීන් හඳුනාගැනෙන බවත් මෙහිදී අනාවරණය විය.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ මෝසම් වැසි සමඟ රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බැවින්, ජනතාව තම වටපිටාවේ මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඒවා විනාශ කිරීමට වහාම පියවර ගත යුතු බවයි. මදුරුවන් බෝවීම පාලනය කිරීම මඟින් මෙම රෝග ව්‍යාප්තිය අවම කරගත හැකි බැවින් මහජන සහයෝගය මේ මොහොතේ අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලට මි.මී. 180ක් ඉක්මවයි

Next Post

රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශ ලබා දීමේ කාලසීමාව ජූනි 30න් අවසන් වේ

Editor TTV News

Editor TTV News

Next Post
රාජ්‍ය නිලධාරීන්ගේ  වත්කම් ප්‍රකාශ ලබා දීමේ  කාලසීමාව  ජූනි 30න් අවසන් වේ

රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශ ලබා දීමේ කාලසීමාව ජූනි 30න් අවසන් වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

15 May 2026
කොංගෝවේ යළිත්  ඉබෝලා වසංගතයක්  මරණ 65ක්  වාර්තා වෙයි

කොංගෝවේ යළිත් ඉබෝලා වසංගතයක් මරණ 65ක් වාර්තා වෙයි

15 May 2026
මන්දගාමී පන්දු යැවීම හේතුවෙන්  පාකිස්තානයට  ලෝක ටෙස්ට් ශූරතාවලියේ  ලකුණු 08ක දඩයක්

මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් පාකිස්තානයට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු 08ක දඩයක්

15 May 2026
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ  පෙත්සම සලකා බැලීම  සැප්තැම්බර් 07 වනදාට

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 07 වනදාට

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

15 May 2026
කොංගෝවේ යළිත්  ඉබෝලා වසංගතයක්  මරණ 65ක්  වාර්තා වෙයි

කොංගෝවේ යළිත් ඉබෝලා වසංගතයක් මරණ 65ක් වාර්තා වෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved