ඇදුම රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව සමස්ත මරණවලින් 6% ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මහතා මේ බව අනාවරණය කළේ ඉකුත් මැයි 05 වනදාට යෙදී තිබූ ‘ලෝක ඇදුම දිනයට’ සමගාමීව පැවති මාධ්‍ය හමුවකදීය.
ලොව පුරා මිලියන 260 කට අධික ජනතාවක් ඇදුම රෝගයෙන් පීඩා විඳින අතර ලෝක මට්ටමින් දිනකට මරණ දහසක් පමණ මේ හේතුවෙන් සිදුවේ. විශේෂයෙන්ම මෙම රෝගයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කුඩා දරුවන්ට සහ තරුණයන්ට බව විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. කෙසේ වෙතත් නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීම මඟින් ඇදුම රෝගය සාර්ථකව පාලනය කර සුවපත් කරගත හැකි බව ද පෙන්වා දී තිබේ.














