යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල න්‍යාය පත්‍රයට යටත් කරන බවට චෝදනා කරමින්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (15) දින අධ්‍යාපන අමාත්‍යාංශය (ඉසුරුපාය) ඉදිරිපිටදී කරුණු විමසා සිටියේය.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලෝක බැංකුව (World Bank), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි නවලිබරල් ව්‍යාපෘතිවල කොන්දේසි මත පදනම් වූවක් බවට ශිෂ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කරයි. වත්මන් රජය ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ අදාළ මූල්‍යාධාර මතම ආරම්භ වූවක් බවට තොරතුරු පවතින බව ඔවුහු පෙන්වා දෙති.
අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ ගෝලීය න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා අවශ්‍ය සාධක රැස්කිරීමේ අරමුණින්, අදාළ ගිවිසුම්, කොන්දේසි සහ මූල්‍යාධාර පිළිබඳ ලිඛිත තොරතුරු ඉල්ලා අද දින තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කරන ලදී.
මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස පෙනී සිටින තවත් ශිෂ්‍ය කණ්ඩායමක් මල්වානේ පිහිටි බැසිල් රාජපක්ෂ මහතාගේ යැයි පැවසෙන නිවස අල්ලාගෙන එහි පදිංචි වී සිටින බව ද වාර්තා වේ.














