දිවයිනේ දිස්ත්‍රික්ක 13ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් හෙට (16) පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.
බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කඳු බෑවුම්වල ඉරිතැලීම්, පොළොව ගිලා බැසීම්, ගස් ඇලවීම් හෝ උල්පත් මතු වීම් වැනි ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.














