ආර්ථිකය බලා සිටියදී කඩා වැටෙන බවත්, හෙට දවසේ ජන ජීවිතයට කුමක් සිදුවේද යන්න පිළිබඳව අවිශ්වාසයක් පවතින බවත් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. වත්මන් ආර්ථික කළමනාකරණය සහ රටේ අනාගතය පිළිබඳව ඒ මහතා මෙහිදී දැඩි ලෙස කරුණු පැහැදිලි කළේය.
රටේ පවතින ඩොලර් අර්බුදය සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සිදුවන බව කියන අක්‍රමිකතා හේතුවෙන් සාමාන්‍ය ජනතාව මත විශාල බරක් පැටවී ඇත.














