උඩවලව ජාතික උද්‍යානයේ අලි දුටුගල ප්‍රදේශයේ අක්කර කාලක පමණ භූමි ප්‍රමාණයක රහසිගතව පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලනු ලැබීය. පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (14) දින සිදුකළ මුර සංචාරයකදී මෙම වැටලීම සිදුකර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් එම ස්ථානයේ රැඳී නොසිටි අතර, නිලධාරීන් විසින් ගංජා පැළ ගලවා ගිනි තබා විනාශ කිරීමට පියවර ගන්නා ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථානභාර නිලධාරී කේ.ඩී.නදීශ මුතුකැලුම් මහතාගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සිදු විය. ඊට වනසත්ත්ව අඩවි සහකාර එස්.ටී.රුවන් කුමාර, වනසත්ත්ව නියාමක ඩබ්.සමීර ලක්මාල්, ක්ෂේත්‍ර සහයක කේ.ඩී.එච්.සනත්, සිවිල් ආරක්ෂක නිශාන්ත ගමගේ සහ සුසන්ත කුමාර යන නිලධාරීහු සහභාගී වූහ.














