ජපානයේ උතුරුදිග ප්‍රදේශයට අයත් තෝකු (Tohoku) කලාපයේ අද (15) පස්වරුවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3 ක ප්‍රබලතාවයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන වේලාවෙන් අද රාත්‍රී 8:22 ට පමණ මෙම භූ කම්පනය සිදුව තිබේ.ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) නිවේදනය කළ පරිදි භූ කම්පනයේ කේන්ද්‍රය මියාගි (Miyagi) ප්‍රාන්තයට ඔබ්බෙන් මුහුදේ කිලෝමීටර් 50 ක් පමණ ගැඹුරින් පිහිටා තිබුණි. කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, ඉන් සුනාමි තර්ජනයක් පැන නැගීමේ අවදානමක් නොමැති බව බලධාරීන් තහවුරු කර ඇත.මියාගි ප්‍රාන්තයේ ඉෂිනොමාකි (Ishinomaki), ටෝමේ (Tome) සහ ඕසාකි (Osaki) යන නගරවලට මෙම භූ කම්පනය ප්‍රබලව දැනී තිබේ. ජපාන භූ කම්පන තීව්‍රතා දර්ශකයේ (Shindo scale) එය ‘5’ ට වඩා අඩු මට්ටමක (lower 5) සටහන් වී ඇති බව වාර්තා වේ.














