තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දැඩි ලෙස විවේචනය කිරීම හේතුවෙන් එම සංවිධානය දැන් තමන් සමඟ සාකච්ඡා කිරීම නවතා දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) ප්‍රකාශ කළේය. රජය විසින් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට දිගින් දිගටම කටයුතු කළහොත් ශ්‍රී ලංකාවට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටද ඔහු මෙහිදී අනතුරු ඇඟවීමක් කළේය.














