වනාතවිල්ලුව, කාටුපුලියන්කුලම ප්‍රදේශයේ පොල් ඉඩමක පිහිටි නිවසක සඟවා තිබූ දිවි හමක්, ගිනිඅවි සහ පතරොම් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අද (17) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
වනජීවී දෙපාර්තමේන්තුවේ වනාතවිල්ලුව උප කාර්යාලයේ නිලධාරීන් සිදුකළ මෙම වැටලීමේදී, සැකකරුවන් සන්තකයේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක්, ජීව පතරොම් 05ක් සහ හිස් පතරොම් කොපු 04ක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














