ඉදිරි මාස 3ක කාලය ඇතුළත රජයේ සේවකයන් සඳහා වන දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (Season Tickets) අන්තර්ජාලය ඔස්සේ (Online) ලබාගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු සූදානම් කරමින් පවතින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් ජයසූරිය මහතා පවසයි.
මේ වන විට රජයේ සේවකයන් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී සහ ඒවා අලුත් කිරීමේදී මුහුණ දෙන අධික ප්‍රමාදයන් සහ පරිපාලනමය ගැටලුවලට ස්ථිර විසඳුමක් ලෙස මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම නව සේවාව හරහා රාජ්‍ය නිලධාරීන්ට වඩාත් කාර්යක්ෂම සහ පහසු සේවාවක් සැලසෙනු ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














