ඌව පළාත සහ මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (19) නිකුත් කර තිබේ. අද රාත්‍රී 11:30 දක්වා බලපැවැත්වෙන මෙම නිවේදනය මගින් දිස්ත්‍රික්ක 4ක් සඳහා රතු නිවේදන (Red Alerts) නිකුත් කර ඇති අතර තවත් දිස්ත්‍රික්ක 8ක් සඳහා ඇම්බර් (Amber Alerts) මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අද පස්වරු 2:00න් පසුව දිවයිනේ ස්ථාන කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බවත්, එම අවස්ථාවලදී තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














