කඩවත, පහළ බියන්විල ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් එකකට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ. ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් පන්සිය හැට අටයි මිලිග්‍රෑම් සියයක් (1.568kg), ජංගම දුරකථන දෙකක්, බැංකු කාඩ්පත් තුනක් සහ ප්‍රවාහනය සඳහා භාවිත කළ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි පුද්ගලයෙකු වන අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














