කලාපීය යුද ගැටුම් සමතයකට පත් කිරීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට මෙන්ම ඕනෑම අවස්ථාවක සටන් වැදීමට ද තම රට මුළුමනින්ම සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) අවධාරණය කරයි. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරිපත් කර ඇති සාම ගිවිසුම් පිළිබඳව නිසි සහ පැහැදිලි පිළිතුරක් ලබා දීම සඳහා ඉරානයට තවදුරටත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණක් බවයි. මෙවන් උණුසුම් දේශපාලන පසුබිමක ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) සඳහන් කළේ, ඉරාන – ඇමරිකා යුද ගැටුම් සමතයකට පත් කිරීම සඳහා වූ යෝජනාවලට අදාළව ඇමරිකානු පාර්ශවයෙන් නිල අදහස් ලැබී ඇති බවයි. වත්මන් වන විට එම අදහස් සහ කොන්දේසි පිළිබඳව ඉරාන රජය ඉතා දැඩිව සමලෝචනය කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














