දිවයින පුරා පවතින අධික මෝසම් වැසි හේතුවෙන් අත්තනගලු ඔය සහ උරුගලම්ඔය පිටාර ගැලීම නිසා දෙල්ගොඩ – බැලුම්මහර (B206) ප්රධාන මාර්ගය උඩුපිල ප්රදේශයෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ. මාර්ගය හරහා දැනට අඩි කිහිපයක් උසට ගංවතුර මට්ටමක් පවතින බැවින් එම මාර්ගයේ වාහන ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම මෝටර් රථ, ත්රීරෝද රථ සහ යතුරුපැදි වැනි කුඩා වාහනවලට මෙම මාර්ගය හරහා ගමන් කිරීම මේ වන විට අතිශය අනතුරුදායක මට්ටමක පවතී. ගම්පහ සහ කිරිඳිවැල ප්රදේශවලට මිලිමීටර 200 ඉක්මවූ අතිදැවැන්ත වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් මෙම ජල මට්ටම ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් ඉහළ යා හැකි බව ප්රදේශවාසීන් පවසති. එබැවින් මෙම මාර්ගය පරිහරණය කරන රියදුරන් වහාම විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, පවතින අවදානම සලකා දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ නිලධාරීන් සහ පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.














