ජාතික තරුණ දිනය හෙට (23) දිනට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් මෙරට තාරුණ්‍යය විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීමේ අරමුණින් දිවයින පුරා දැවැන්ත දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ (Youth Club) ජාතික සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම විශේෂ ජාතික වැඩපිළිවෙළ යටතේ හෙට දිනයේදී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දැවැන්ත පාගමන් සහ රැළි 25ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තරුණ පරපුරේ සහ රටේ “අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා” (Say No) යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය වන මෙම වැඩසටහන හරහා මත්ද්‍රව්‍යවලට එරෙහිව සමාජයීය බලවේගයක් ගොඩනැඟීමට අපේක්ෂිතය. රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර මේ මාරාන්තික උගුලෙන් බේරා ගැනීම සහ ඔවුන් තුළ මේ පිළිබඳව දැඩි සමාජීය වගකීමක් ඇති කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් මෙම පාගමන් සහ රැළි සඳහා සක්ရීයව දායක වීමට නියමිතව තිබේ.














