පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) හොරණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (21) දහවල් කාලයේදී අළුබෝමුල්ල පොලිස් වසමට අයත් මහවත්ත ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදුකර තිබේ. එහිදී නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 200 ක තොගයක් සහ මත්ද්‍රව්‍ය කිරුම් කටයුතු සඳහා භාවිත කළ විදුලි තරාදියක් (Digital Scale) පොලිස් භාරයට ගැනීමට STF නිලධාරීන් සමත් විය.
මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 40 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ. විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා තොගය ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, හොරණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.














