රුමේනියාවේ (Romania) රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 750කට අධික පිරිසකගෙන් රුපියල් මිලියන 920කට (කෝටි 92ක්) ආසන්න මුදලක් සාපරාධී ලෙස වංචා කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහයෝගය ඉල්ලා සිටියි. ‘රේන්බෝ ගාමන්ට්ස් ටෙක්නොලොජීස්’ (Rainbow Garments Technologies) නමින් පවත්වාගෙන ගිය ආයතනයක් හරහා මෙම මූල්‍ය වංචාව සිදුව ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධව මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම වංචනික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති ප්‍රධාන සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ෂර්ලි ජයවර්ධන අමදෝරු (Shirley Jayawardana Amadoru) නැමැත්තෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත. පොලිස් නිවේදනය: දැනට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින මෙම සැකකරු පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත් වහාම පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.071-8594910 011-2444175














