තලංගම පොලීසිය විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාව මීට සුළු වේලාවකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගියේය. පසුගිය දිනෙක බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල සිදුවූ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද උදෑසන තලංගම පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.














