මුහුදු මාර්ග නිරීක්ෂණ දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, LNG ගෑස් ප්‍රවාහන නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්තානය සහ චීනය බලා ගමන් කරමින් පවතින බවයි. බහමාස් රාජ්‍යයේ ලියාපදිංචි කර ඇති පාකිස්තානය බලා ගමන් කරන නෞකාවේ පවතින ගෑස් තොගය හෙට (26) දිනය තුළ ගොඩබෑමට නියමිතව ඇත. චීනය බලා යාත්‍රා කරන අනෙක් නෞකාව ලබන මස 27 වැනිදා එරට වරායකට ළඟා වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.














