කටාන, අක්කරපනහ ප්‍රදේශයේ පිහිටි නිවසක තනිව ජීවත් වූ 76 හැවිරිදි කාන්තාවක සැකකටයුතු ලෙස මියගොස් සිටියදී ඊයේ (24) සොයාගෙන තිබේ. ලැබුණු තොරතුරකට අනුව කටාන පොලිසිය මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පරීක්ෂණ පවත්වයි. මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) මීගමුව මූලික රෝහලේදී සිදු කිරීමට නියමිත අතර, කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














