රණවිරු සැමරුම් පෙරහුරු උත්සවයකට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (25) නියෝග කළේය.
පසුගිය 18 වැනිදා රණවිරු සැමරුම් පෙරහුරු උත්සවයක් පැවැති ස්ථානයට ගොස් අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් පොලිස් රාජකාරියට බාධා කළ බවට තලංගම පොලිසිය විසින් ගොනු කළ චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම නඩුව ලබන අගෝස්තු මස 25 වැනිදා යළි කැඳවීමට නියමිතය.














