ඉරානය සමඟ ඇති කරගැනීමට නියමිත බව පැවසෙන නව ගිවිසුමක් සම්බන්ධයෙන් එල්ල වන විවේචන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
තමන්ටම අයත් ‘Truth Social’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මේ සම්බන්ධයෙන් පළවන වාර්තා අතිශය නොමේරූ බවත්, ඒවා තවමත් සාකච්ඡා වටයකටවත් භාජනය නොවූ කරුණු මත පදනම්ව ඇති බවත්ය.
ඉදිරියේදී ඉරානය සමඟ ඇති කරගන්නා ඕනෑම එකඟතාවක් බැරැක් ඔබාමා පාලන සමයේ අත්සන් කළ JCPOA න්‍යෂ්ටික ගිවිසුමට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ එකක් වනු ඇත.
ටෙහෙරානය සමඟ ඇති කරගන්නා නව ගිවිසුම අතිශය සාර්ථක මෙන්ම අර්ථවත් එකක් විය යුතු බවට ඔහු ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කරයි.
එසේ නොමැති නම් කිසිසේත්ම ගිවිසුමකට එළඹීමට තමා සූදානම් නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටී.














