උතුරු පළාතේ ජලජ වගා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ කාන්තාවන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින්, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ කාර්ගිල්ස් (සිලෝන්) පී.එල්.සී. ආයතනය එක්ව ඉරණමඩු තිලපියා වගා ආශ්‍රිත නිෂ්පාදන හා අර්ධ සැකසුම් මධ්‍යස්ථානය විවෘත කරන ලදී. නෝර්වේ රජයේ මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය, ILO හි “අවදානමට ලක් වූ පුද්ගලයන් හා ව්‍යාපාර ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම” (PAVE) වැඩසටහනේ කොටසකි.
මෙම සැකසුම් මධ්‍යස්ථානය ප්‍රජාව, රජය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලවලට කදිම උදාහරණයක් බව ILO අධ්‍යක්ෂ ජෝනි සිම්ප්සන් මහත්මිය පවසයි.
කාන්තාවන්ගේ කුසලතා සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, මත්ස්‍ය සැකසුම් කළමනාකරණය, තත්ත්ව සහතික කිරීම, ආහාර ආරක්ෂණ ප්‍රමිතීන් සහ අගය එකතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් පුහුණු කෙරේ.
උතුරු පළාතේ තිලපියා අගය දාමය තුළ කාන්තාවන්ගේ සහභාගීත්වය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සහ තිරසාර රැකියා අවස්ථා නිර්මාණය කිරීමට මෙමගින් හැකියාව ලැබේ.දේශීය තිලපියා සඳහා ඉල්ලුම වර්ධනය කිරීමට නව ආහාර වට්ටෝරු හඳුන්වා දී ඇති අතර, කාර්ගිල්ස් සුපිරි වෙළඳ ජාලය හරහා ඒවා වෙළඳපොළට යොමු කිරීමට පියවර ගෙන ඇත.මෙම ව්‍යාපෘතිය ආබාධිත පුද්ගලයන් සහ අවදානමට ලක් වූ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආර්ථික සංවර්ධනය කෙරෙහි ද සුවිශේෂී අවධානයක් යොමු කරයි.














