ලිතුවේනියාවේ ජාතික දත්ත ලේඛනවලින් වාර්තා 600,000කට අධික ප්‍රමාණයක් කාන්දු වීම සම්බන්ධයෙන් එරට බලධාරීන් දැඩි අවධානයක් යොමු කර තිබේ. මෙම සිදුවීම විදේශීය රටක ක්‍රියාකාරකමක් බවට රජය සැක පළ කරයි.
දත්ත කාන්දුව ප්‍රධාන වශයෙන් සිදුවී ඇත්තේ දේපල සහ නීතිමය ආයතනවල ලේඛනවලිනි. මෙම දත්ත ලබා ගැනීමට අවසර ඇති ආයතනවල පරිශීලක දත්ත (Login credentials) භාවිතා කරමින් ඒවා සොරාගෙන ඇත.
මෙම සිදුවීමෙන් පසු, රාජ්‍ය ව්‍යවසාය මධ්‍යස්ථානයේ ප්‍රධානී ඇඩ්‍රියස් ජුසාස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.බලධාරීන් වහාම ක්‍රියාත්මක වී අදාළ පරිශීලක ගිණුම් අවහිර කිරීම සහ යාවත්කාලීන කිරීම් හරහා ප්‍රවේශය සීමා කිරීම ඇතුළු සයිබර් ආරක්ෂණ පියවර ගෙන ඇත.නිශ්චිත රටක් නම් කර නොමැති වුවද, විපක්ෂ දේශපාලනඥයෙකු වන ලෝරිනාස් කාසියුනාස් මහතා සමාජ මාධ්‍ය හරහා පවසා ඇත්තේ මෙය රුසියානු බුද්ධි අංශ මෙහෙයුමක් විය හැකි බවයි. කෙසේ වෙතත් ඔහු ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කර නොමැත.
ලිතුවේනියාව සහ අනෙකුත් බෝල්ටික් රාජ්‍යයන් රුසියාව විසින් මෙහෙයවනු ලබන සයිබර් ප්‍රහාර ඇතුළු “හයිබ්‍රිඩ් යුධ” උපක්‍රම පිළිබඳව දිගින් දිගටම අවධානයෙන් පසුවේ.














