අනුරාධපුර ප්‍රදේශයේදී දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ නීතිමය කටයුතු සහ දැරියගේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ. එම සංසදය සිය සභාපතිනී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබීය.
ජූනි 5 වැනිදා ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.අදාළ සිද්ධියේ නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීමට සහ කාන්තා හා ළමා හිංසනය පිටුදැකීමට අවශ්‍ය ආයතනික හා නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට අනු කමිටුවක් පත් කර තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිවරියන් වන සමන්මලි ගුණසිංහ සහ නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල යන මහත්මීන්ගේ මූලිකත්වයෙන් මෙම අනු කමිටුව ක්‍රියාත්මක වේ.එම කමිටුවට හේමාලි වීරසේකර, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ තවත් මන්ත්‍රීවරියන් හා නීතිඥවරියන් රැසක් ඇතුළත් වේ.මෙම සිදුවීමට අමතරව, කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා අවශ්‍ය නීති සහ ආයතන බල ගැන්වීම පිළිබඳව ද සංසදය පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.














