සමාජ සේවය, නායකත්වය සහ නවෝත්පාදනය යන අංශ ඔස්සේ සමාජයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ලාංකිකයින් ඇගයීම වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ දිස්ත්‍රිත් 306 ඩී 1 විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රේෂ්ඨතම පුරවැසි’ සම්මාන උළෙල සඳහා නාම යෝජනා කැඳවා තිබේ.
සමාජ සේවා, අධ්‍යාපන සහ ව්‍යවසායකත්ව යන අංශ යටතේ නාම යෝජනා ඉදිරිපත් කළ හැකිය.
කැපවීම සහ සේවය තුළින් ජනජීවිත උසස් කරමින් සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කළ පුද්ගලයින් ඇගයීම මෙහි අරමුණයි.
නාම යෝජනා භාර දීම සඳහා පහත ක්‍රම භාවිතා කළ හැකිය.
වට්ස්ඇප් අංකය: 0777272800
විද්‍යුත් ලිපිනය: [email protected]
වැඩිදුර තොරතුරු සඳහා ‘ශ්‍රේෂ්ඨතම පුරවැසි’ සම්මාන උළෙල කමිටුවේ සභාපති සිංහ දේශාන් හේවාවිතාරන මහතා වෙත යොමු වන ලෙස ඉල්ලා සිටී.














