අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතය.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල 2018/19 සහ 2019/20 අධ්‍යයන වර්ෂයන්ට අයත් අධ්‍යාපනවේදී (B.Ed) උපාධිධාරීන් ගුරු සේවයට බඳවා නොගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙහිදී සාකච්ඡා කෙරේ.
ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ඔවුන් ප්‍රායෝගික සහ සම්මුඛ පරීක්ෂණ මගින් ගුරු සේවයේ 2.2 ශ්‍රේණියට බඳවා ගත යුතු බව සංගමය අවධාරණය කරයි.පෙබරවාරි 10 වැනිදා පැවති සාකච්ඡාවකින් අනතුරුව, මාර්තු 3 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි සෙසු උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට සමගාමීව මොවුන් ද බඳවා ගැනීමට කටයුතු කළ යුතු වුවත්, එම ක්‍රියාවලිය මෙතෙක් නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැත.පළාත් සභා මගින් මෙම බඳවා ගැනීම් ප්‍රමාණවත් නොවන බව සහ දැනට සිදුවන 23,000ක ගුරු බඳවා ගැනීම් අතරට මොවුන් ඇතුළත් කළ නොහැකි බව ප්‍රකාශ කර තිබීම මෙම ගැටලුවේ පවතින ප්‍රධාන බාධාවකි.














