එළඹෙන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය හිටපු දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩක විජයි ශංකර් (Vijay Shankar) ගිවිසුම්ගත වී තිබේ.
35 වැනි වියේ පසුවන විජයි ශංකර්, ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියෙන් සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් සුළු වේලාවකට පසුව මෙම තීරණය ගෙන ඇත. ඔහු ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ චෙන්නායි සුපර් කින්ග්ස් (Chennai Super Kings), සන්රයිසස් හයිද්‍රාබාද් (Sunrisers Hyderabad) සහ ගුජරාට් ටයිටන්ස් (Gujarat Titans) වැනි ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් රැසක් නියෝජනය කර ඇති විජයි ශංකර්ගේ පැමිණීම, මෙවර එල්.පී.එල්. තරගාවලියේදී මහනුවර කණ්ඩායමේ මැදපෙළ සහ පන්දු යැවීම තවදුරටත් ශක්තිමත් කිරීමට මහෝපකාරී වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පවසති.
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වීමට නියමිතය.














