සඳලංකාව, ඉරබඩගම ප්‍රදේශයේ නියමිත බලපත්‍ර හෝ නීත්‍යානුකූල රෙගුලාසිවලින් තොරව ටින් මාළු නිෂ්පාදනය සහ ඇසුරුම් කිරීම සිදුකරමින් පැවති කර්මාන්ත ශාලාවක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද (26) දහවල් වටලනු ලැබීය.
මෙම වැටලීමේදී වෙළඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කරමින් තිබූ සැමන් ටින් 3,500කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 18කට ආසන්න බව වාර්තා වේ. කර්මාන්ත ශාලාව තුළ තිබී ව්‍යාජ දින මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍රයක්, ටින් මාළු ඇසුරුම් (පෙට්ටි) සහ දවටන ඇතුළු තවත් භාණ්ඩ රැසක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ටින් මාළු තොගය සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















