බෙල්ජියමේ බගන්හවුට් (Buggenhout) නගරයේදී දුම්රියක් පාසල් වෑන් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැගත් මෙම වෑන් රථය දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කරන විට මෙම අනතුර සිදුව ඇත.
මියගිය අය අතර වයස අවුරුදු 12 සහ 15 වියේ පසුවන සිසුන් දෙදෙනෙකු, 49 හැවිරිදි වෑන් රථ රියදුරු සහ 27 හැවිරිදි භාරකරු වෙති. අනතුර සිදුවන අවස්ථාවේදී හරස් මාර්ගයේ ආරක්ෂිත බාධක පහත් කර තිබූ බව පොලිසිය තහවුරු කරයි. වෑන් රථය එම බාධක අභිබවා දුම්රිය මාර්ගයට පිවිසියේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක වේ. දුම්රියෙහි සිටි මගීන් 100කට ආසන්න පිරිසකට කිසිදු බරපතල තුවාලයක් සිදුව නොමැති බව බලධාරීහු සඳහන් කරති.
















