ශක්ති සමූහ ව්‍යාපාරයේ බැති පූජා පෞද්ගලික සමාගම විසින් කොළඹ ජාතික රෝහල වෙත රුධිර කාන්දුකරන (Dialysis) යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කර තිබේ. එම ආයතනයේ 25 වන සංවත්සරය නිමිත්තෙන් මෙම පරිත්‍යාගය සිදු කර ඇති අතර, වකුගඩු ආබාධිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් එම යන්ත්‍ර රෝහලේ රුධිර කාන්දුකරන ඒකකයට භාර දෙන ලදී. ශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති නිලාන් වීරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම සමාජ සත්කාරය සංවිධානය කර තිබුණි.














