• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තවත් ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැවක් කොළඹට

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් බරපතළ හෙළිදරව්වක්

26 May 2026
in දේශීය, පුවත්
තවත් ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැවක් කොළඹට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා ගල්අඟුරු සමාගම විසින් නියම කරන ලද ප්‍රමිතීන්ට පටහැනි, සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ බාල ගල්අඟුරු රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බව “ෆ්‍රී ලෝයර්ස්” සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ අදාළ ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් බාල වුව ද එය නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා භාවිත කළ හැකි බවයි.
අදාළ නෞකාවේ පැටවුම් වාර්තාවේ (Loading Report) පිටපත් පසුගිය අප්‍රේල් 30 වැනිදාම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට යොමු කර තිබූ බව එම සංවිධානය පෙන්වා දෙයි. දකුණු අප්‍රිකාවේ ‘රිචර්ඩ් බේ කෝල් ටර්මිනල්’ වරායේ සිට පැමිණ ඇති මෙම නෞකාවේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 59,766ක් අඩංගු වේ. එහි අළු ප්‍රතිශතය (Ash Content) ඒකක 16.8ක් ලෙස සටහන්ව ඇති අතර, එය ලංකා ගල්අඟුරු සමාගමේ ටෙන්ඩර් කොන්දේසිවල උපරිම අගය වන ඒකක 16 සීමාව ඉක්මවා යෑමකි. මේ හේතුවෙන් දඩ මුදලක් අය කරමින් හෝ මෙම තොගය භාරගැනීමට ගල්අඟුරු සමාගමට කිසිදු නීත්‍යානුකූල හැකියාවක් නොමැති බව ඔවුහු අවධාරණය කරති.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය මහාචාර්ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ, අදාළ ගල්අඟුරු තොගයේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තිබුණ ද, එය නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන කටයුතු සඳහා භාවිත කිරීමට තාක්ෂණික වශයෙන් බාධාවක් නොමැති බවයි. ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැපයුම්කරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනටමත් පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විවිධ සංවිධාන දේශපාලන වාසි තකා මෙම නෞකාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ පතුරවමින් සිටින බවයි.
Post Views: 0
Previous Post

ආබාධිත ජනතාවගේ නිවාස ආධාර වැඩසටහන අර්බුදයක

Next Post

ලාංකීය රග්බි තරු 21කට මසකට 135,000ක වැටුපක්

Editor TTV News

Editor TTV News

Next Post
ලාංකීය රග්බි තරු 21කට මසකට 135,000ක වැටුපක්

ලාංකීය රග්බි තරු 21කට මසකට 135,000ක වැටුපක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved