රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා, සිය මධ්‍යම ආසියානු සංචාරයට පෙර කසකස්තානයට අමුර් කොටි (Amur tigers) සතුන් හතර දෙනෙකු තිලිණ කර තිබේ. මෙම කොටින් අතරින් දෙදෙනෙකු පැටවුන් වන අතර, ඔවුන් රුසියාවේ ඈත පෙරදිග කලාපයක් වන කබරොව්ස්ක් (Khabarovsk) ප්‍රදේශයෙන් අල්ලා ගුවන් මගින් කසකස්තානය වෙත රැගෙන ගොස් ඇත.කසකස්තානය තුළ වඳ වී ගොස් ඇති කැස්පියන් කොටින්ගේ සමීපතම ඥාතියෙකු ලෙස සැලකෙන අමුර් කොටින්ගේ ගහනය නැවත ස්ථාපිත කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ. මීට පෙර නෙදර්ලන්තය විසින් ද කසකස්තානයට කොටින් ලබා දී ඇත.මෙම සතුන් තෑගි කිරීම සිදුකර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයා මෙම සතියේ කසකස්තානයේ සිදු කිරීමට නියමිත නිල සංචාරයට සමගාමීවය.ජනාධිපති පුටින් මීට පෙරද විවිධ අවස්ථාවල සතුන් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිතා කර ඇත. උදාහරණයක් ලෙස, 2022 වසරේදී උතුරු කොරියාවේ කිම් ජොන් උන් මහතා වෙත අළු පැහැති අභිජනනය කළ අශ්වයන් 30 දෙනෙකු තෑගි කර තිබුණි.
බලශක්ති සම්පත් සහ ඛනිජ ද්‍රව්‍යවලින් පොහොසත් කසකස්තානය, රුසියාවේ සමීපතම මිත්‍ර රටක් වන අතර, චීනය සහ ඇමරිකාව ද කලාපය තුළ තම බලපෑම පුළුල් කිරීමට උත්සාහ දරන පසුබිමක මෙම සංචාරය ඉතා වැදගත් වේ.
















