• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම බැංකුව මේ වසරේ මුල් මාස 3ට රුපියල් බිලියන 610ක් අච්චු ගසා තිබෙනවා

free lawyers

27 May 2026
in දේශීය, පුවත්
මධ්‍යම බැංකුව මේ වසරේ මුල් මාස 3ට  රුපියල් බිලියන 610ක්  අච්චු ගසා තිබෙනවා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් විදේශ විනිමය අර්බුදයට සහ ආර්ථික අස්ථාවරත්වයට මඟ පාදමින් ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව (CBSL) 2025 සහ 2026 වසරවලදී අඛණ්ඩව විශාල වශයෙන් මුදල් මුද්‍රණය කර ඇතැයි ‘නිදහස් නීතිඥයෝ’ (Free Lawyers) සංවිධානය ඊයේ (26) බරපතළ චෝදනාවක් එල්ල කළේය.
එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මධ්‍යම බැංකුව විසින් 2025 වසර තුළදී රුපියල් බිලියන 1,653ක් (රු. බිලියන 1653ක්) මුද්‍රණය කර ඇති අතර, 2026 වත්මන් වසරේ ජනවාරි සිට මාර්තු දක්වා වූ මුල් මාස තුන තුළ පමණක් තවත් රුපියල් බිලියන 610.7ක මුදල් අච්චු ගසා ඇති බවයි. මේ හේතුවෙන් මේ වසරේ මාර්තු මාසය වන විට රටේ සමස්ත මුදල් සැපයුම (Total Money Supply) රුපියල් බිලියන 16,585.7ක් දක්වා අතිදැවැන්ත ලෙස ප්‍රසාරණය වී තිබේ.
මීට අමතරව මධ්‍යම බැංකු අධිපතිවරයා විසින් වාණිජ බැංකු ප්‍රධානීන් කැඳවා, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 329ත් 335ත් අතර සීමාවක කෘත්‍රිමව පවත්වාගෙන යන ලෙස උපදෙස් දී ඇතැයි ද තෙන්නකෝන් මහතා චෝදනා කළේය. මධ්‍යම බැංකුව සිය සේප්පුවල තිබූ රුපියල් යොදාගනිමින් වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගැනීමට කටයුතු කර ඇති බව ද හෙතෙම පැවසීය.
රටේ පවතින වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ, පොලී අනුපාත 8.75% දක්වා ඉහළ ගොස් ඇති අතර, 2024 නොවැම්බර් වන විට රුපියල් බිලියන 28,240.22ක් ලෙස පැවති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය 2025 වසර අවසන් වන විට රුපියල් බිලියන 29,994.69ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් මෙරට වාහන වෙළෙඳපොළ දැඩි අවුල් ජාලාවකට පත්ව ඇති අතර, රජයට නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට ද සිදුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. කෙටි මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මඟහැර සිටින්නේ නැතිව, මධ්‍යම බැංකුව වහාම මෙම බරපතළ චෝදනාවලට සෘජු පිළිතුරු සැපයිය යුතු බව ද නිදහස් නීතිඥයෝ සංවිධානය අවධාරණය කර සිටියි.
Post Views: 8
Previous Post

මහ බැංකුවෙන් දැඩි මූල්‍ය ප්‍රතිපත්ති තීන්දුවක්

Next Post

ටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
ටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී  තරුණයන් දෙදෙනෙකු  ජීවිතක්ෂයට

ටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved