• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිල්වලා ලවණ බාධකයෙන් වගා හානි වූ ගොවීන්ට රුපියල් මිලියන 1200ක වන්දි

27 May 2026
in දේශීය, පුවත්
නිල්වලා ලවණ බාධකයෙන්  වගා හානි වූ ගොවීන්ට  රුපියල් මිලියන 1200ක වන්දි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකරන ලද ලවණ බාධකය හේතුවෙන් නිර්මාණය වූ කෘත්‍රිම ගංවතුර තත්ත්වය නිසා වසර ගණනාවක් තිස්සේ වගා හානි සිදු වූ සහ වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 1200ක දැවැන්ත වන්දි මුදල් ප්‍රදානය කිරීමේ මහා පුණ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පවත්වා තිබේ.
පසුගිය 2019 වර්ෂයේදී නිසි සැලසුමකින් තොරව ඉදිකරන ලද මෙම ලවණ බාධකය (Salinity Barrier) හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, කැකණදුර, මාලිම්බඩ, විල්පිට, මඩිහ සහ තලල්ල ඇතුළු ප්‍රදේශ රැසක කුඹුරු ඉඩම් නිරන්තරයෙන් ගංවතුරෙන් යටවී වගා බිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය. එවක පැවති කිසිදු රජයක් වසර ගණනාවක් තිස්සේ අසරණ වූ මෙම ගොවීන්ගේ ගැටලුවට සාධාරණ විසඳුමක් ලබා නොදුන් පසුබිමක, වත්මන් රජය විසින් 2026 ජාතික අයවැය මඟින් මෙම වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් මිලියන 1200ක විශේෂ ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා වගා කිරීමට නොහැකි වූ අනුක්‍රමික කන්න 07ක් වෙනුවෙන්, තමන්ට සිදුවූ හානිය ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිසි පරිදි වාර්තා කර තිබූ සියලුම ගොවීන් සඳහා මෙම වන්දි සහනය හිමි වේ.
මෙම වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්කය පුරා වගා නොකළ කුඹුරු ඉඩම් අක්කර 12,800ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය කෙරෙන අතර, අද දින පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව ගොවීන් 250 දෙනෙකු වෙත වන්දි චෙක්පත් පිරිනැමීම සිදු කෙරුණි. ඉතිරි සියලුම ගොවීන් සඳහා ඉදිරි දින 14 ඇතුළත වන්දි මුදල් ගෙවා අවසන් කිරීමට රජය සැලසුම් කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, වත්මන් රජය ගොඩනඟා ඇති විනයගරුක සහ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලංකා ඉතිහාසයේ වැඩිම වන්දි මුදලක් ලබාදීමට හැකිවූ බවයි. “යම් හානියක් සිදුවූ වහාම කෙටි කාලයක් තුළ වන්දි ගෙවිය යුතුයි” යන්න රජයේ ස්ථාවරය බව පැවසූ ජනාධිපතිවරයා, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා කුඩා ව්‍යාපාරිකයන්ට ණය ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 90,000ක් සහ ප්‍රජාශක්ති වැඩසටහන වෙනුවෙන් මිලියන 25ක් වෙන් කර ඇති බව ද ප්‍රකාශ කළේය.
Post Views: 13
Previous Post

ඉන්දියාවෙන් හමු වූ සැකකටයුතු කාන්තාවට ඉබෝලා වැළඳී නොමැති බව විද්‍යාත්මකව තහවුරු වෙයි

Next Post

Rebuilding Sri Lanka රු. බිලියන 6ක් අතුරුදන්? රජයට එරෙහිව චෝදනාවක්!

Editor TTV News

Editor TTV News

Next Post
Rebuilding Sri Lanka රු. බිලියන 6ක් අතුරුදන්?  රජයට එරෙහිව චෝදනාවක්!

Rebuilding Sri Lanka රු. බිලියන 6ක් අතුරුදන්? රජයට එරෙහිව චෝදනාවක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved