ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක ‘එලිමිනේටර්’ (Eliminator) තරගය අද (27) පස්වරු 7.30ට නව චන්දිගාර්හිදී ආරම්භ වේ. මෙම තරගයේදී ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර පුහුණුකාරිත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එශාන් මාලිංග ක්‍රීඩා කරන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම එකිනෙකා හමුවීමට නියමිතය.
තරගාවලියේ මූලික වටය අවසානයේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයත්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානයත් ලබා ගත්තේය.
අද පැවැත්වෙන මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම, අවසන් වටයේ තෙවන තරගයට (Qualifier 2) සුදුසුකම් ලබන අතර, එහිදී ඔවුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ තරග කරනු ඇත. එම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමඟ අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවේ.
















