මීරිගම සහ විල්වත්ත දුම්රිය ස්ථාන අතර ප්රදේශයේදී අද (27) පරීක්ෂණ ධාවනයක යෙදුණු දුම්රිය ඇන්ජිමක්, මාර්ග නඩත්තු කටයුතු සිදු කරමින් තිබූ බැකෝ යන්ත්රයක ගැටීමෙන් දුම්රිය ධාවනයට බාධා මතු වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මෙම ගැටුම හේතුවෙන් එක් දුම්රිය මාර්ගයක ගමනාගමන කටයුතු තාවකාලිකව ඇනහිට ඇති අතර, මේ වන විට දුම්රිය ධාවනය එක් මාර්ගයක පමණක් සිදු කෙරේ. මෙම අනතුරින් දුම්රිය ඇන්ජිමට සහ බැකෝ යන්ත්රයට සුළු අලාභ සිදුවුවද, එහි සේවයේ නිරතව සිටි කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය තහවුරු කරයි.
















