බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සමුපකාර ග්‍රාමීය බැංකු සංගම් මුහුණ දී ඇති ගැටලු විසඳීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්විණි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
මෙහිදී ප්‍රධාන වශයෙන් සමුපකාර සමිති ප්‍රඥප්ති වගන්ති සංශෝධනය කිරීම සහ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලිය ඇතුළු කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කෙරිණි. මෙම අවස්ථාවට දේවානන්ද සුරවීර, රුවන්තිලක ජයකොඩි යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසක් සහ සමුපකාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.
















